මෙරට ජනතාව හොරු රහිත ආණ්ඩු බිහිකිරීම සදහා ඡන්දය පාවිච්චි කලද රජයක් බිහිවූ පසු ආණ්ඩුවේ සියලු දෙනාම සොරුන් බවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඇතැම් පක්ෂ නායකයින් දැන් සිටම තමන් රටේ ජනාධිපතිවරයායැයි සිතා කටයුතු කරන බවටද හිටපු ජනාධිපතිවරයා චෝදනා කලා.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
මේ අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ පැවති සහ වත්මන් ජනාධිපතිවරයාගේ පාලන කාලයේ පවතින ජනතා පෝළිම් පිළිබද සංසන්දනය කරමින් ඇතැම් දේශපාලනඥයින් සිදුකර ඇති ප්‍රකාශද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විවේචනයට ලක්වුණා.