අපරාධ රැසකට සම්බන්ධ වී පොලීසිය මග හරිමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.
ඊයේ සවස් කාලයේදී මැදිරිගිරිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ යතුරු පැදි සොරකමක් සහ යතුරු පැදියකට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු යි මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ .
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ සැකකරු හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු පහක් සඳහා වරෙන්තු නිකුත් වී තිබූ පුද්ගලයෙක් බවයි .
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 25ස් හැවිරිදි දිවුල්කඩවල මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.