ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති රීතින් අවලංගු කරමින්, නව රීති මාලාවක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනකරුවන් හා සේවා අපනයනකරුවන් යන දෙපිරිසටම එය අදාළ වනවා.
නව රීතිවලට අනුව, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව, අපනයන ආදායමෙන් ඉතිරි වූ ශේෂය එළඹෙන මාසයේ හත්වන දින හෝ ඊට ප්‍රථම, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කළ යුතුයි.
ජංගම ගනුදෙනු සඳහා වන ප්‍රතිමුඛ ප්‍රේෂණ / අනුමත කර ඇති පරිදි විදේශ මුදල් නෝට්ටු ආපසු ලබා ගැනීම / විදේශ ව්‍යවහාර ණය මුදල් ආපසු ගෙවීමේ වියදම් සහ ණය වාරික / එක් මසක වගකීම් ද ඇතුළත් ව භාණ්ඩ මිලදී ගැනීම හා සේවා ලබා ගැනීම සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සඳහා, එම ලබන්නා වූ අපනයන ආදායමෙන් සියයට දහයක් දක්වා කරන ගෙවීම් ඊට ඇතුළත්.
මෙම රීති නිකුත් කිරීමත් සමග අපනයනකරුවන්ට තම අපනයන ආදායමෙන්, භාණ්ඩ හා සේවා අපනයනයන්ට අදාළ සියලූ වියදම් පියවා ගැනීමට හැකි වනු ඇති.