රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාවද දැඩි අවදානම් සහගත තත්වයකට ඇද දමමින් මෙරට විදුලිබල උත්පාදනයේ හිමිකම අමරිකානු සමාගමක් වෙත පැවරීමට ආණ්ඩුව සූදානම් වන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කළා.
කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය සදහා ගෑස් සැපයීමට අදාල පාවෙන ගෑස් ගබඩාව සහ නල පද්ධතිය ඇතුලු ගෑස් පිරවීමේ පර්යන්තය ඉදිකිරීම අදාල අමරිකානු සමාගමට පැවරීමට ආණ්ඩුව සූදානම් වන බවයි ස්ථාවර නියෝග 27- 2 යටතේ ප්‍රශ්ණයක් යොමුකරමින් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ.
අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්ණයට විදුලිබල අමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු දෙමින් සූර්යබල – සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කළේ රටේ බලශක්ති ක්ෂේත්රය අමරිකාවට හෝ වෙනත් කිසිදු විදෙස් සමාගමක් වෙත පැවරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
අනුර කුමාර දිසානයක මහතා කළ ප්‍රකාශය අනවබෝධයකින් කළ එකක් බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.