අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය වසරේ පැවති විරෝධතාවයකදී මහජන සාමය කඩ කිරීමේ චෝදනාවකට අදාළව අද අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මතයි.
