පාර්ලිමේන්තු පිවිසුම් ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර පොදු දේපළවලට හානි කිරීම හා මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරීම ඇතුලු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු 04 දෙනා ලබන 17 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත සහ එහි සාමාජිකා කෝසලා හංසමාලි යන අය සෙසු පිරිස අතර වනවා.
කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව හමුවේ අද නඩුව සලකා බැලූණු අතර, සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ.