අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාවයට සම්බන්ධ වූ තවත් කිහිපදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු / ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලු කිහිපදෙනෙක් ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් සියලු දෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කලා.
මේ අතර ඊයේ දිනයේදී කොළඹ සොයිසා වටරවුම ආසන්නයේදී පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන්ද පුද්ගලයින් කිහිපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.