රාජකාරි කටයුතු සදහා අන්තර් පළාත් අතර පොදු ප්‍රවාහනය භාවිතකරන මගීන්ගේ රාජකාරි හැදුනුම්පත් අද දිනයේ සිට පොලිසිය මගින් පරීක්ෂා කරවීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම හැදුනුම්පත් පරීක්ෂාව බස්රථ රියදුරන් හෝ රියදුරු සහායකයින් විසින් සිදු කිරීම ප්‍රායෝගික නොවීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
පවතින කොවිඩ් තත්වය හමුවේ අත්‍යවශ්‍යය සේවා සදහා පමණක් පොදු ප්‍රවාහනය යොදාගැනීම මෙහි අරමුණයි.
මෙලෙස රාජකාරි හැදුම්පත් පරීක්ෂා කිරීම් පළාත තුළ පොදු ප්‍රවාහනයේදී සිදු නොවන බවත් අන්තර් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් සදහා එම පරීක්ෂා කිරීම් සිදුවන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියා.
