අන්තර් පළාත් බස්රථ සේවය ලබන 21 වනදා සිට යළි ආරම්භ කිරීමට හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ලබන 21 වනදායින් පසුව පළාත් අතර සංචරණ සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය අංශ විසින් දැනටමත් සහතකවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා මේ බව සදහන් කළා.
පාසල් යළි විවෘත කිරීමෙන් පසුව පාසල් දරුවන් සදහා විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය බලාපොරොත්තු වන බවද දිලුම් අමුණුගම මහතා මෙහිදී කියා සිටියා.