රාජකාරි කටයුතු සදහා අන්තර් පළාත් අතර පොදු ප්‍රවාහනය භාවිතකරන මගීන්ගේ රාජකාරි හැදුනුම්පත් හෙට සිට පොලිසිය මගින් පරීක්ෂා කරවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේ රාජකාරි හැදුනුම්පත් බස්රථ රියදුරන් හෝ රියදුරු සහායකයින් විසින් පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවයි.
පවතින කොවිඩ් තත්වය හමුවේ අත්‍යවශ්‍යය සේවා සදහා පමණක් පොදු ප්‍රවාහනය යොදාගැනීම මෙහි අරමුණයි.
මෙලෙස රාජකාරි හැදුම්පත් පරීක්ෂා කිරීම් පළාත තුළ පොදු ප්‍රවාහනයේදී සිදු නොවන බවත් අන්තර් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන් සදහා එම පරීක්ෂා කිරීම් සිදුවන බවද කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් කියා සිටියා.