අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි.
ආණ්ඩුවේ සිට මෑතකදී ස්වාධීනවූ මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ අන්තර්වාර පාලනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකග වන අතර අන්තර්වාර පාලනය සියලූ පක්ෂවලින් සැදුම්ලත් එකක් විය යුතු බවයි.
අන්තර්වාර පාලනය ආණ්ඩුවෙන් ඉවත් කෙරුණු මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සකස් වන්නේ නම් ඉන් ප්‍රතිඵලයක් නොලැබෙන බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.