අන්තර්කාලීන ආණ්ඩු සංකල්පය ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
ඒ සදහා සමගි ජනබලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු හසු නොවූ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
සමගි ජන බලවේගය විසින් සංවිධාන කරනු ලබන පාගමනේ සිවුවෙනි දිනය අවසන් කරමිනුයි සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකලේ.
රටේ ජනතාවත් අරගල කරන ජනතාවත් ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් ඇතුලූ ආණ්ඩුවට ගෙදර යන ලෙස බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.
