ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නිදහස් කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.
අද (05) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින්, සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ඔවුන්ට විරුද්ධව චෝදනා ඇත්නම් සාමාන්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසය.
වසන්ත මුදලිගේ,ගල්වැව සිරිධම්ම හිමි,හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත්,ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීම බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පැවසීය.
මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා බන්ධනාගාරයෙන් ඔහු රාත්‍රී කාලය තුළ විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද පැවසීය.
රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය.
ත්‍රස්තවාදයට තමන් තරයේ විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා ත්‍රස්තවාදයේ නාමයෙන් අහිංසක පුද්ගලයින් සිරගත කිරීමට ද තමන් එකහෙළා විරුද්ධ බව පැවසීය.
“වසන්ත මුදලිගේ, ගල්ගම සිරිධම්ම හිමි, හෂාන්ත ගුණතිලක මේ තුන්දෙනාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ තංගල්ලේ සිරගත කරලා තියෙනවා. දැනට දින 48කට වැඩියි, අග්‍රාමාත්‍යතුමනි මොකද්ද මේ අය කරපු වරද? අපිට අහන්න ලැබෙනවා වසන්ත මුදලිගේව රෑට රෑට මල්වාන, කලවාන, නවගමුව යන ප්‍රදේශවලට ගෙනිහින් මම දන්නේ නෑ මොනවද කරන්නේ කියලා. ඇයි මේක දවල්ට කරන්නේ නැත්තේ. අවසානයේ මොනවා හරි සිද්ධියක් වෙලා හෝ සිද්ධියක් ඇති කරලා හෝ වසන්ත මුදලිගේ ව ඝාතනය කරලා කියයි, මෙන්න පැනලා යන්න හැදුවා වෙඩිතිබ්බා කියලා.”
