අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට ද නියමිතව තිබේ.
මේ අනුව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග(සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනේ.
