මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුලු 04 දෙනෙකු ලබන 23 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවියයි නියෝගය ලබාදුන්නේ.
සැකකරුවන් වෙනුවෙන් කල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බව නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු සඳහන් කලා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ / ඇයගේ පියා / ඇයගේ සොහොයුරා සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරුයි.
මේ අතර මෙම සිද්ධියේ විමර්ශනවලට අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමට පෙර පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කිරීම වළක්වාලීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියම කලා.
එමෙන්ම ඇතැම් සංවේදී තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය වෙත ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසටයි පොලිස්පතිවරයාට මෙහිදී වැඩිදුරටත් නියම කෙරුණේ.
