ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබෙන්නේ නම් කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් ලබාදෙන මෙගාවොට් 300 කට ආසන්න විදුලි ධාරිතාවයක් අද පස්වරු දෙකෙන් පසු ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන බව විදුලිබල වෘත්තිය සමිති පවසනවා.
ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ආණ්ඩුවට මෙම ගැටලුව සම්බන්ධයෙන් නිශ්චිත විසදුමක් නොමැති බවයි.
මෙරට තාප බලාගාර පද්ධතිය අත්පත් කර ගැනීමට ඉන්දියාව සූදානම් වන බවයි රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේ.