අද පෙරවරු 10 සිට මෙරට වෘත්තීය සමිති රැසක් සමග එක්ව සත්යග්රහ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
දින 30 කටත් අධික කාලයක් සිය ඉල්ලීම් සදහා නිසි විසඳුම් නොදෙමින් රජය ගෙන යන අසාධාරණ වැඩපිළිවෙලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.