බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සිට, ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.