අද (05) සිට ලිට්රෝ ගෑස් මිළ ගණන් තවත් අඩු කරන බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ලෝක වෙළඳපොලේ මිළ ගණන් පහළ යාම ඊට හේතුව බවයි ඔහු සඳහන් කලේ.
පසුගිය මස 08 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දමන ලදී.
මිළ වෙනස් වීමට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් අඩුකල අතර එහි මිල රුපියල් 4,664 ක් වෙයි.
කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 99කින් අඩුකල අතර එහි මිල රුපියල් 1,872කි.
කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් අඩුකල අතර එහි මිල රුපියල් රුපියල් 869කි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 180 ත් 220 ත් අතර මිලකින් පහළ යනු ඇතැයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අනුව නව ගෑස් මිල සම්බන්ධයෙන් අද ප්‍රකාශයට පත් කරන බවයි ලිට්‍රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ.
ඒ අනුව ලිට්‍රෝ සමාගමේ සෑම ගෘහස්ථ ගෑස් සිලින්ඩර වර්ගයකම මිල අද දිනයේදී අඩු කෙරෙනු ඇති.
ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම 05 වනදා ගෑස් මිල සංශෝධනය කෙරෙනවා.
