අද සිට ලබන 13 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේ බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59 ක් තුළ එය ක්‍රියාත්මක වන බවයි.
පසුගිය 04 වනදා වන විට මෙම වසරේදී ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902 ක් වාර්තාවී තිබෙනවා.
පාසල් පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ දිනයේද ක්‍රියාත්මක වුණා.
