අද සිට දුම්රිය 110 කට වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කලේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11 ක් අද පෙරවරුවේ කොළඹට පැමිණීමට නියමිත බවයි.
ඉන් දුම්රිය 02 ක් මහනුවර සිට පැමිණෙනු ඇති.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 20 ක් අද පෙරවරුවේ කොළඹ දක්වා සැළසුම් කර ඇති අතර බෙලිඅත්තේ සහ ගාල්ලේ සිට පැමිණෙන දුම්රිය 02 ක්ද ඊට අයත්.
කැළණිවැලි මාර්ගයේ දුම්රිය 05 ක්ද පුත්තලම මාර්ගයේ දුම්රිය 06 ක්ද අද පෙරවරුවේ කොළඹ දක්වා ගමන් කරනු ඇති.
අන්තර් පළාත් දුම්රිය 30 ක් පමණ ද මීට අයත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ.
