අද සිට ලබන බදාදා දක්වා බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී ද ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ලබාගත හැකියි.
ඊට අමතරව කොළඹ – ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්වල ප්‍රධාන රෝහල් / සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන 77 කදී ද දෙවන මාත්‍රාව ලබාදීම සිදුවනවා.
එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බව දැක්වෙන කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.
