සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

    නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ

    නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ධාවන කටයුතුවලින් ඉවතට

    ඉන්ධන මිලේ දැනෙන වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

    නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ

    නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ධාවන කටයුතුවලින් ඉවතට

    ඉන්ධන මිලේ දැනෙන වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

අද සිට ඉහළ යන විදුලි ගාස්තු මෙන්න

Admin by Admin
1 month ago
in ජනප්‍රිය පුවත්, දේශීය, ප්‍රමුඛ පුවත්
0
විදුලි බිල් ගාස්තු වැඩි කිරීම සම්බන්ධ අවසන් තීරණය අද කැබිනට් මණ්ඩලයේදී
0
SHARES
13
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අද (15) සිට 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතරයේ අනුමැතිය හිමිවී තිබේ.

එහිදී එම යෝජනාවට සභාපති ජනක රත්නායක මහතා විරෝධය පළ කළද, සෙසු සාමාජිකයින් තිදෙනා ඊට එකඟත්වය පළකිරීම හේතුවෙන් එම යෝජනාව සම්මත වුණි.

ලංකා විදුලිබල මණ්ඩලයට අමතර රුපියල් බිලියන 287ක ආදායමක් උපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව ජනවාරි 02 වනදා මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණි.

කෙසේවෙතත් ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය දිගින් දිගටම හිමි නොවු අතර, එහි සාමාජිකයින් කිහිප දෙනෙකුම මතගැටුම් මැද ඉල්ලා අස් වුණි.

පුරප්පාඩු වු තනතුරු සඳහා පත්වූ සාමාජිකයින් තිදෙනෙකු අවස්ථා දෙකකදී පත් කෙරුණු අතර ඔවුන් තිදෙනා සමග මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව සාකච්ඡාවට ගෙන තිබුණි.

මහජන උපදේශන අනුව සියලු පාර්ශ්වයන්ගේ යෝජනා අනුව රුපියල් බිලියන 142ක ආදායමක් ලැබෙන පරිදි 36%ක අඩු විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම සකස් කළ අතර, එය සභාපතිවරයා විසින් ඊයේ කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය.

සභාපතිවරයා පමණක් ඊට අනුමැතිය ලබාදුන්න ද සෙසු සාමාජිකයින් තිදෙනා වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න විරෝධය පළ කිරීම නිසා එය ප්‍රතික්ෂේප වුණි.

ඉන් අනතුරුව කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලය සකස් කළ 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව සෙසු සාමාජිකයින් තිදෙනා විසින් ඉදිරිපත් කළ අතර ඔවුන් එය අනුමත කර තිබුණි.

සභාපතිවරයා පමණක් ඊට විරුද්ධ වුවද කොමිසමේ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත මත විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව සම්මත වුණි.

එවන් පසුබිමක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම නව ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව හරහා ගෘහස්ත අංශයේ ඒකක 90ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කණ්ඩායම්වලට සියයට 250ක ගාස්තු වැඩිවීමක් සිදුවන බවය.

එමෙන්ම, එම යෝජනාව අනුමත කිරීම විදුලිබල පනතේ 30 වන වගන්තියට පටහැනි බවත්, සෙසු සාමාජිකයින් මෙවැනි නීතිවිරෝධි තීරණයක් ගනු ලැබුවේ දේශපාලන අධිකාරියේ, ලංකා විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත්ව බවත් සභාපතිවරයා පවසයි.

මෙම නව සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩය යටතේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කෙරෙනු ඇති.

ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුව කිසිදු වෙනසක් සිදුකර නොමැත.

එසේම ස්ථාවර ගාස්තු ද ඉහළ යන අතර ඒ අනුව මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩි කර තිබේ.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත් වැඩි කෙරෙනු ඇති.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන, කර්මාන්ත අංශ, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා අය කළ විදුලි ගාස්තු සහ ස්ථාවර ගාස්තුද වැඩි කිරිමට යෝජනා වී තිබේ.

කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව වැඩි කර ඇත්තේ රුපියල් 26ක් දක්වා පමණි.

කෙසේවෙතත් මෙම නව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කර තිබේ.

Admin
Tags: ලංකා විදුලි බල මණ්ඩලයවිදුලි ගාස්තුවිදුලිබල අමාත්‍යංශය
Previous Post

විග්නේෂ්වරන් භික්ෂුවගේ භූමිකාව හඳුනාගත යුතුයි – මල්වතු අනුනායක හිමි

Next Post

ඡන්දයට අදාළ මුදල් නිදහස් කරගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Admin

Admin

Related Posts

RANJITH MADDUMA BANDARA
දේශීය

මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

by Admin
March 21, 2023
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
දේශීය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

by Admin
March 21, 2023
නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ
දේශීය

නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

by Admin
March 21, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

by Admin
March 21, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Admin
March 21, 2023
Next Post
තැපැල් ඡන්දයට අයදුම්පත් කැඳවීම අද සිට

ඡන්දයට අදාළ මුදල් නිදහස් කරගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In