අද සහ හෙට දිනවලදී පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.
පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල එම ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ඇතිවන බාධා සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කලේ.
මේ අනුව දියත උයන මංසන්ධිය එනම් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත් – ජයන්තිපුර මංසන්ධියේ සිට කියංනෑම් මංසන්ධිය දක්වාත් පාර්ලිමේන්තු මාර්ගය අද සහ හෙට දිනවලදී වසා තැබෙනු ඇති.
පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගද එම කාලසීමාව තුළදී වසා තැබෙන බව පොලිසිය නිවේදනය කලා.
විකල්ප මාර්ග නොමැති එම සීමාව තුළ පදිංචි මහජනතාවට අනන්‍යතාවය තහවුරු කර ගමන් කිරීමේ හැකියාව පවතිනවා.
