අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 11.14 කින් පහත දමා තිබෙනවා.
අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලුම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350 ක් යටතේ මේ යටතේ පහළ යනු ඇති.
අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ යන බවයි ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා කියාසිටියේ.
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යාමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව බස් ගාස්තු සීයයට 20කින් වැඩි කිරීමට පියවර ගත් බවත්, පවතින ඉන්ධන හිඟය නිසා දැනට බස් රථ එම නීතිය ඉක්මවා කටයුතු කිරීම නිසා එම වැඩි කළ ගාස්තුවෙන් සීයයට 10ක් අඩු කිරීමට පියවර ගත් බවයි එම කොමිසම සඳහන් කළේ.
එමෙන්ම පසුගිය 01 වෙනිදා සිට අඩු කළ ඩීසල් මිල පහත හෙලීම නිසා බස් ගාස්තු සංශෝධන 1.14%ක් ලෙස අඩු කිරීමට තීරණය කර ඇත.
