දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර – සබරගමුව – දකුණ – මධ්‍යම සහ වයඹ පළාත් ඒ අතර වනවා.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
අද සිට ලබන 15 වනදා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින අතර අද දහවල් 12.15 ට දොඩන්දූව – අකුරැස්ස – රන්න සහ හම්බන්තොට යන ප්‍රදේශවලට හිරු මුදුන් වනවා.