අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ.
විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කළේය.
අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සඳහන් කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් වහාම එම තීරණය හකුලාගන්නා ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.