දුම්රිය ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක නොකිරීමට සිය විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ගාස්තු සංශෝධනය පිළිබඳව මගීන් පූර්ව දැනුවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම, දුම්රිය ස්ථානවල ප්‍රායෝගිකව ගිණුම් කටයුතු හා අදාළ කාර්යන් සඳහා දිනකටත් අඩු කාලය ප්‍රමාණවත් නොවීම ඊට හේතු බවයි එම ලිපියෙන් වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් 10 ක්ව පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව සියලූම මගී ප්‍රවාහන සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වීමට නියමිතයි.
දෙවන පන්තිය සඳහා අවම ගාස්තුව රුපියල් 50 ක් වන අතර පළමු පන්තියේ අවම ගාස්තුව රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
ප්‍රවේශ පත්‍ර නව ගාස්තුව වන්නේ රුපියල් 20 ක්.
