දිවයින පුරා සියයට 60 ක පමණ බස් රථ සංඛ්‍යාවක් අද දිනයේදී ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ඒ අනුව සති අන්ත දිනවලට අදාළ ලංගම බස් රථ කාලසටහන සුපුරුදු පරිදි ක්‍රියාත්මක බවයි නිව්ස් රේඩියෝ කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ.
මේ අතර අද දිනයේදී දිවයින පුරා බස් රථ සීමිත සංඛ්‍යාවක් යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.