ඉන්ධන නොමැතිවීම හමුවේ අද දිනයේදී දිවයින පුරා බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම අඩාවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.
නිව්ස් රේඩියෝ කළ විමසීමකදී සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අද දිනයේදී දිවයින පුරා ධාවනය වන්නේ පෞද්ගලික බස් රථ 1000 ක් පමණ සුලු ප්රමාණයක් බවයි.
මේ අතර පවතින තත්වය හමුවේ හෙට දිනයේදී කිසිසේත්ම බස් රථ ධාවනයක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි ගැමුණු විජේරත්න මහතා දැනුම් දෙන්නේ.