අද දිනයේදී සියයට 50 ක ධාරිතාවක් යටතේ බස් රථ ධාවනයේ යෙදවීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
නිව්ස් රේඩියෝ කළ විමසීමකදී සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් රථවලට අවශ්‍ය ඩීසල් ඊයේ දිනයේදී ලැබුණු බවයි.
මේ අතර ලංගම ඩිපෝ හරහා බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම ශක්තිමත් වුවහොත් හෙට සිට බස් රථ තවත් වැඩි සංඛ්‍යාවක් ධාවනයට එක්කිරීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කලා.
මේ අතර අද සිට උපරිම බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක්කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙනවා.
ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා නිව්ස් රේඩියෝවට මෙලෙස අදහස් පළකලා.
