ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට බස් ධාවනයෙන් ඉවත්වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කලා.
බස් ධාවනයට අවශ්‍ය ඩීසල් නොමැතිවීමත්, හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණිනුත් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති ගැමුණු විf–රත්න මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.
කෙසේවෙතත් අද දිනයේදී ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා නිව්ස් රේඩියෝවට සදහන් කළේ.
