අද දිනයේදී පැය 03 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
කොළඹ නාගරික කලාපයට පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.
එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් යන කලාපවලට අලුයම 05 සිට පෙරවරු 08 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් අද දිනයේදී බලාත්මකයි.