සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් චීනයේ බෙයිජිං නුවර සිට අද පෙරවරුවේ මෙරටට රැගෙන එනු ලැබුවා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් මගින්.
එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් රැගත් ගුවන්යානයක් අද පෙරවරු 08 ටත් තවත් මාත්‍රා ලක්ෂ 06 ක් රැගත් ගුවන්යානයක් පෙරවරු 10 ටත් කටුනායක ගුවන්තොටුපොල වෙත ළගා වූ බවයි නිව්ස් රේඩියෝ ගුවන්තොටුපොල වාර්තාකරු කියා සිටියේ.
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම සයිනොෆාම් එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුලූ අමාත්‍යවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබුණා.
මෙම මාත්‍රා තොගයත් සමග ශ්‍රී ලංකාවට ගෙන්වන ලද සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 10 යි දශම 7 දක්වා ඉහළ යනු ඇති.
මේ අතර චීන රජය විසින් තුන් වන ලෝකයේ රටකට සිදු කර ඇති විශාලතම එන්නත් පරිත්‍යාග කිරීම මෙයයි.
අද දින පැමිණි මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 16 ම උතුරු සහ නැගෙනහිර පළාතේ ජනතාව සඳහා යොදවන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා.
ලබන අගෝස්තු මාසයේ තවත් සයිනොෆාම් එන්නත් විශාල තොගයක් මෙරටට ලැබීමට නියමිත අතර ඒ අනුව අගෝස්තු 31 දින වනවිට මෙරට අවුරුදු 30 ට වැඩි සියලූ දෙනාටම එන්නත් ලබා දී අවසන් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී කියාසිටියා.
