පාර්ලිමේන්තුව අද නැවත රැස්වනවා.
අද දිනයේදී පාර්ලිමේන්තු සංයුතියේ වෙනසක් සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
හවුල්කාර පක්ෂ 11 මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස වෙනම අසුන් ගැනීමට නියමිතයි.
ඒ අනුව ආණ්ඩුවට මෙතෙක් පැවති තුනෙන් දෙකේ බලය අහෝසි වනු ඇති.
මේ අතර ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය නොව සරල බහුතර බලය ද අද දිනයේදී අහිමිවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ සඳහන් කලේ.