හෙද සේවාවේ පවතින ගැටලු සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට මෙතෙක් විසදුම් නොලැබීම හමුවේ අද පස්වරු 12 සිට පස්වරු 01 දක්වා විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට රජයේ හෙද නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා කියා සිටියේ දිවයින පුරා රෝහල් සියයක මෙම විරෝධතාව පැවැත්වීමට සැළසුම්කර ඇති බවයි.
අද පවතින උද්ඝෝෂණ සදහා විසදුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී වෙනත් බරපතල ක්රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු සදහන් කළා.