දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම සමග රට වසා දැමීමට කටයුතු නොකිරීම මෙරට වත්මන් කොවිඩ් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව බව ශ්‍රී ලංකා හෙද නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.
මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ මෙරටින් දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන සම්බන්ධ දත්ත තවමත් අඩුපාඩු සහිතව වාර්තාවන බවයි.