අද ක්‍රියාත්මක ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක ස්ථාන ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්, කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්, කොළඹ 15 – බ්ලූමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන් අද දිනය පුරා රථ 10 ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදෙනු ඇති.