ප්‍රකාශ ලබා ගැනීමට අද දිනයේදීද පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල ඉල්ලීම සිරිල් ගාමිණි පියතුමන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊයේ දිනයේදීත් සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් දී පැය 08 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී තිබුණා.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුවයි සිරිල් ගාමිණී පියතුමන් ඊයේ දෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුනේ.
පැය 08 කට ආසන්න කාලයක් ප්‍රකාශ දීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන අවස්ථාවේදී සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍යයට මෙලෙස අදහස් දැක්වුවා.