අඛණ්ඩව 06 වන දිනයටත් අද දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දෙනවා.
ඒ හේතුවෙන් අද දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසටයි ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ.
මේ අතර අද දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
සාමාන්‍ය පෙළ විභාගය සදහා පහසුකම් සැලසීමට මෙලෙස විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටින්නේ.
