අත පය බැඳ දමා අගමැතිකම් ඇතුළු තනතුරු භාර ගෙන රට ගොඩනැගිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් රට ගොඩනැඩිය යුතු බවත් යල් පැන ගිය ක්‍රමවේද තුළින් රට ඉදිරියට යෑමක් සිදුනොවන බවත් ඔහු පෙන්වා දෙනවා.
රට ගොඩ නගන කාර්ය භාරයේදී තරුණ සහභාගීත්වය අත්‍යවශ්‍ය බව පැවසූ විපක්ෂ නායකවරයා සහභාගිත්ව පාලනයකින් මිස රට ගොඩ නගා ගැනීම අසීරු බව ද සඳහන් කලා.
යොවුන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් සමග ඊයේ පැවති හමුවකදීි සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකලේ.