වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමේ අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටි.
එහිදී යෝජනා කරනු ලබන නව යෝජනා පහත පරිදි වේ :
තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනියුක්ත කිරීමට යෝජනා
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා.
ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරීමට යෝජනා.
සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට යෝජනා.
ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2500/= ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා.
ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට යෝජනා
