අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙලක් ඉතාම නුදුරේදී හඳුන්වාදෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකල වහා විනිශ්චයකාරවරයෙකු වෙත එම මත්ද්‍රව්‍ය ඉදිරිපත් කර සාම්පල කිහිපයක් තබාගෙන අනිත් මත්ද්‍රව්‍ය සියල්ල එම විනිශ්චයකාරවරයා ඉදිරියේ විනාශකර දැමීම එහිදී සිදුවන බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කලේ.
ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ වනවිටත් මූලික කටයුතු ආරම්භ කර ඇති බවද කමල් ගුණරත්න මහතා කියාසිටියා.