ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුලූ 44 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හැරීමටයි.
ඔවුන් සමග අත්අඩංගුවට ගත් වාහන 10 ද නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මේ අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔවුන්ට සහය පළ කිරීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි ගුරු – විදුහල්පති නියෝජිත පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද මතුවී තිබෙනවා.
