සැලසුම් කර ඇති පරිදි ඇෆ්ඝනිස්ථානයෙන් ජනතාව ඉවත් කර ගැනීමේ මෙහෙයුම් ලබන 31 වනදා වනවිට අත්හිටුවන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතාද සහතික කර තිබෙනවා.
හැකි ඉක්මණින් මෙම ක්‍රියාවලිය අවසන් කල යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
දැනට කාබුල් අගනුවරින් ගුවන් මගින් ඉවත් කරගෙන ඇති සංඛ්‍යාව 70 දහස් 700 කට ආසන්නයි.
කෙසේවෙතත් අගෝස්තු 31 වනදායින් පසුවද එය සිදුකරන ලෙසට බ්‍රිතාන්‍යය ඇතුලු පාර්ශව රැසක් ඉල්ලා තිබුණා.
ඊට තලේබාන් සංවිධානයද පළකර තිබුණේ දැඩි විරෝධයක්.
ඊයේ දිනය වනවිටත් 20 දහසකට අධික පිරිසක් කාබුල් ගුවන් තොටුපලේ රැඳී සිටියේ වෙනත් රටකට පළා යාම සඳහායි.
කෙසේවෙතත් ජී 7 රටවල රාජ්‍ය නායක සමුලුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ අමතර ගුවන් යානා යොදවා හෝ අගෝස්තු 31 වනදා වනවිට මෙම පිරිස ඉවත් කරගන්නා බවයි.
