අගෝස්තු 15 වනදාට පෙර සියලුම පෞද්ගලික බස්රථ සේවකයින් සදහා කොවිඩ් මර්ධන එන්නත ලබා ගන්නා ලෙස ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.
නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අගෝස්තු 15 වනදායින් පසුව කොවිඩ් එන්ත් ලබා නොගත් බස් රථ සේවකයින් සදහා බස්රථ ධාවනය කරවීමට ඉඩනොදෙන ලෙස සියලුම නියාමන ආයතනවලට දැනුම් දී ඇති බවයි .
මේ අතර අද දිනයේදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිනවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකිරීමට නියමිතයි.
මේ එම යෝජනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකළ ගැමුණු විජේරත්න මහතා.