අගෝස්තු පළමුවනදා සිට අන්තර් පළාත් ප්‍රවාහනය සදහා බස් රථ සහ දුම්රිය යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මාතර ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ පළාත් අතර සංචරණ සීමා ලිහිල් කිරීමේ තීරණය කුමක් වුවත් අගෝස්තු පළමුවනදා සිට අන්තර් පළාත් අතර බස් රථ සහ දුම්රිය කිහිපයක් යොදවන බවයි.
ඒ සදහා කොවිඩ් මර්ධන කමිටුවේ අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා සදහන් කළා.
