අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් හෙට සහ අනිද්දා යන දිනවල ලබාදෙන බව තැපැල් මූලස්ථානය නිවේදනය කරනවා.
ඒ අනුව අදාළ දින දෙක තුළ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනු ඇති.
දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.