අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව යම් සැලැස්මකට අනුව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ අරමුණින් මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතකරණ වැඩසටහන් ක්‍රියාත්මක බවයි ඔහු කියාසිටියේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනුයි.
අද උදාසන වනවිට එම එන්නත්කරණ වැඩසටහනේ 77% ක් පමණ අවසන්කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කලා.
ඒ අනුව එන්නත්වල දෙවන මාත්‍රාව ලබන මාසය අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිතයි.
