අගහරු ග්‍රහයාගේ පාශාණ සාම්පල ලබාගැනීම සදහා නාසා ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
නාසා ආයතනය විසින් පසුගිය පෙබරවාරි 18 වෙනිදා අගහරු ග්‍රහයා මත ගොඩබස්වන ලද පර්සි ෆියරන්ස් රෝවරය මගින් මෙම සාම්පල ලබාගැනීම සිදුකෙරෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
පවතින දත්තයන්ට අනූව වසර ගණනාවකට පෙර විළක්ව පැවති ස්ථානයකින් මෙම පාෂාණ කොටස් ලබාගැනීමට නියමිත අතර මේ හරහා අගහරු මත ජීවය පවතීද යන්න නිශ්චිතවම තීරණය කල හැකි බවයි විද්‍යාඥයින් මත පළ කරන්නේ.
